Thursday, July 23, 2009
මයික්‍රොසොෆ්ට් ගමට අයි.ටී.
මෙම මෘදුකාංග දෙක සිංහලෙන් ඉදිරිපත් කිරීම, අප රට තුළ තොරතුරු තාක්‌ෂණය ප්‍රචලිත කිරීමේ කාර්යයේදී ඉතා වැදගත් ඉදිරි පියවරක් යෑයි විද්‍යා හා තාක්‌ෂණ ඇමැති මහාචාර්ය තිස්‌ස විතාරණ මහතා පැවැසීය.
Monday, July 13, 2009
අසැබි වෙබ් අඩවිවලට වැට
"ශ්රී ලංකාවේ ළමයින් සම්බන්ධ අසභ්‍ය ප‍්‍රකාශයන්ට එරෙහිව නිශ්චිත සහ දැඩි කි‍්‍රයාමාර්ග ගන්නා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පොලිස්පති ජයන්ත වික‍්‍රමරත්න මහතාට උපදෙස් දී තිබේ.මේ අනුව විශේෂයෙන් බාල වයස්කාර දරුවන්ගේ මෙන්ම මෙරට කාන්තාවන්ගේ අසභ්‍ය ඡායාරූප හා වීඩියෝ පට අන්තර්ජාලයෙන් විවිධ වෙබ් අඩවි ඔස්සේ ප‍්‍රකාශයට පත්කර ඇති අයව කොටුකර ගැනීමටද කටයුතු ආරම්භ කර ඇත.එවැනි සිදුවීම් දැක්වෙන වෙබ් අඩවි රැසක් පිළිබඳව අවධානය යොමුකිරීමෙන් පසුව ජනාධිපතිවරයා මේ උපදෙස් ලබාදී ඇති අතර එය මෙරට නීතිය මෙන්ම සමාජ සාරධර්ම උල්ලංඝනය කිරීමක් බවද අවධාරණය කර තිබේ.තවද මෙරට ළමුන්ගේ ගෞරවය සුරැකෙන පරිදි ඔවුනට ජීවත්විය හැකි සමාජ පරිසරයක් ඇති කිරීමට රජය කොන්දේසි විරහිතව බැඳී සිටී. "
ඔන්න් දැන් ඉතින් අපේ කස්ටිය වැඩ පටන් ගනී.
Thursday, July 02, 2009
ඇපල් කන්නේ බලාගෙන!!!
ඇපල් කන්නේ බලාගෙන !!! ඇපල්, පෙයාස් යන පලතුරු වල පොත්තේ WAX එකක් ආලේප කරලා තියෙනවා. මෙමගින් බැක්ටීරියා ඇතුලුවීම වලක්වයි. නොමැලවුනු බොහෝ කල් තබාගතහැකිය. මම මේ කියන්නේ බොරු නම්, දැන්මම ලගම තියෙන Super Market එකට ගිහින් හොදවයින් ඇපල් ගෙඩියක් ගන්න. අරගෙන පොත්ත පිහියකින් සූරු ගාන්න. දැන් පේනවා නේද?


පිටරටවල් වලින් ගෙනෙන(USA,Australia,Malayasia...) ඇපල් අවුරුද්දක් විතර පරන එවා. Wax ගහල තමයි ඔහොම ලස්සනට තියා ගන්නේ. ඔන්න ඇපල් කනවානම් පොත්ත ඉවත්කර කන්න.
ඔය පිටරටින් එන එවලට වඩා ගමේ හැදෙන පලතුරු ඩ්ංගීත්තක් කාලා ඉන්නවා හොදයි. ඔයලා දන්න කියන අයට මේක කියන්න හොදේ...
Saturday, April 19, 2008
වින්ඩෝස් ඉගි
ඔබගේ පරිගනකය තුල ඇති share folders බැලීමට Start --> Run --> fsmgmt.msc
පරිගනකයේ hardware පිරික්සීමට Start --> Run --> dxdiag
File extension සොයා ගැනීම
http://filext.com කියන්නේ අපට අවශය කරන ඕනෑම file extension සොයා දෙන වෙබ් අඩවියකි.
අපටම කියල විකි එකක් mediawiki
ඉන්පසු http://www.mediawiki.org/wiki/Manual:Config_script කියවා ඔබගේ සර්වරය තුල ස්ථාපනය කරගන්න.
Friday, April 18, 2008
හෝර්ටන් තැන්න

ගෙදර යන ගමන් ස්මර්නොෆ්

ඉතින් ඔයාලත් මෙ වගේ දෙයක් ගෙදර යන ගමන් ගද්දී දෙපාරක් සොලවා බලලා ගන්න. හැබැයි ඉතින් මේ වගේ දෙයක් කාර්ගිල්ස් එකෙන් වුනු first time නෙමේ..... හොදට කා.ඉ.දි. බලල ගන්න……
pl see this video clip http://www.youtube.com/watch?v=Kj7bZ7ufHj0
නිවසේදී Wi-Fi Router එකක් සාදා ගැනීම

පලමුව වයර්ලස් Network Adaptor එක පරිගනකයට සවි කර ඊට අදාල drivers ස්ථාපනය කරන්න. ඉන් පසු,
- Start --> Control Panel --> Network Connections --> wireless network connection වෙතට ගොස් right ක්ලික් කර properties වලට යන්න. ඉන්පසු wireless networks යන tab එකට ගොස් Add බට්න් එක ක්ලික් කරන්න. Network name මත ඔබ කෑමති නමක් යොදා The key is provided for me automatically ඉවත් කර This is a computer-to-computer (ad hoc) network wireless access points are not used එක ලකුනු කරන්න. Network key මත ඔබ කැමති රහස් පදයක් යොදා OK කරන්න.
- දැන් Advanced බට්න් එක කිල්ක් කර computer-to-computer (ad hoc) networks only තෝරන්න. ඉන්පසු close බට්න් එක කිල්ක් කර OK කරන්න. මෙම 1 වැනි සහ 2 වැනි පියවරවල් සෙසු පරිගනක වලද සිදු කරන්න.
- දැන් ඔබ අනිත් පරිගනක පිරික්සා කිරීමේදී WiFi එක සොයන අතර Acquiring network address නමින් DHCP server එක සොයයි.
- දැන් ඔබට අන්තර්ජාල සම්බන්දතාවය share කර ගැනීමට සහ DHCP server එක සකිය කර ගත යුතුය. මෙය සදහා අන්තර්ජාල සම්බන්දතාවය share කර ගැනීම සිදු කරන පරිගනකය වෙත යා යුතුය. මෙම පරිගනකය තුල Internet තිබිය යුතුය. ඉන්පසු network adapter මත right කිල්ක් කර properties --> Advanced --> Allow other network users to connect trough this computers Internet connection තෝරන්න. ඊට පසු OK කරන්න.
- WiFi adapter මත right කිල්ක් කර status තුලට ගොස් Support tab එකට ගොස් static IP එක 192.168.0.1 තිබේ දැයි බලන්න.
- සියලුම පරිගනක restart කරන්න.
- සෙසු පරිගනක වල IP address එක 192.168.0.2 සහ 192.168.0.254 අතර අගයක් ගන්නා අතර WiFi router එක කියා කරයි.
Optimize ෆයර් ෆොක්ස්2.0
Thursday, April 17, 2008
සංවේගයෙන් දැනුම්දීමයි - යසරුවන් ගුණතිලකගේ හදිසි අභාවය
පේරාදෙණිය විශ්ව විද්යාලයේ ශිෂ්යයකු ද, අපේ සිංහල බ්ලොග් අවකාශයේ මිතුරකු ද, බ්ලොග්කරුවකු ද වූ යසරුවන් ගුණතිලක ඊයේ හදිසියේ මෙලොවින් සමුගත් බව මේ දැන් ආරංචි වුණෘ. ඔහු හෙට පැවැත්වෙන අපේ මැරතන් ඉසවුවට ද උද්යෝගීමත් ව සහභාගී වීමට සූදානමින් සිටි බැවින් මේ හදිසි වියෝ වීමේ පුවත අදහා ගත නොහැකි තරම් කම්පනයක් අප සැම තුළ ඇති කළා. හෙට ඔහුගේ දේහය පිළිබඳ අවසාන කටයුතු සිදු වන බව ඔහුගේ සොහොයුරු සඳරුවන් අපට ප්රකාශ කළා.
ඔහු අවසන් ගමන් යන හෙට දිනයේ ම රෑ 8ට ආරම්භ වන අපේ සිංහල බ්ලොග් මැරතන් ඉසවුවේ ආරම්භක සටහන් යසරුවන් වෙනුවෙන් හිස් ව තැබීමට සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය සියලු සහභාගී වන්නන්ගෙන් ඉල්ලා සිටිනවා. “යසරුවන් වෙනුවෙන්” යන මාතෘකාව සහිත ව හිස් බ්ලොග් සටහනක් (blank post) හෙට රාත්රී 8ට මැරතන් අරඹන මොහොතේ පළ කිරීමෙන් අපේ සාමූහික ශෝකය බෙදාහදා ගැනීමට එක් වන්න.
මේ යසරුවන්ගේ බ්ලොග් අඩෙවියයි
http://yasaruwan.gunathilake.com/
සිංහල බ්ලොග් මැරතන්
Wednesday, March 26, 2008
යුනිකෝඩ් පරිවර්තකය - UCSC, Sri Lanka
This converter is available at http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/
Tuesday, March 18, 2008
බ්ලොග් මැරතන්
මමත් සිංහල බ්ලොග් මැරතන් එක දුවනවා
ඔයාලත් එන්න මැරතන් දුවන්න එකතු වෙන්න!
