Monday, July 13, 2009

අසැබි වෙබ් අඩවිවලට වැට

අද(2009-07-13) දිනමිණ පත්තරේ මුල් පිටුවේ මෙන්න මෙහෙම කියලා තිබුනා, "අසැබි වෙබ් අඩවිවලට වැට". මේක නම් හොද වැඩක්. මොකද ලංකාවේ ගොඩාක් අසභ්‍ය වෙබ් අඩවි තියෙනවා. ඔන්න අපේ BLOGS යාළුවන්ටත් මේ News එක ගොඩාක් වැදගත් වෙයි කියලා හිතනවා. මෙන්න මෙහෙමයි කියලා තිබුනේ.

"ශ‍්‍රී ලංකාවේ ළමයින් සම්බන්ධ අසභ්‍ය ප‍්‍රකාශයන්ට එරෙහිව නිශ්චිත සහ දැඩි කි‍්‍රයාමාර්ග ගන්නා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පොලිස්පති ජයන්ත වික‍්‍රමරත්න මහතාට උපදෙස් දී තිබේ.මේ අනුව විශේෂයෙන් බාල වයස්කාර දරුවන්ගේ මෙන්ම මෙරට කාන්තාවන්ගේ අසභ්‍ය ඡායාරූප හා වීඩියෝ පට අන්තර්ජාලයෙන් විවිධ වෙබ් අඩවි ඔස්සේ ප‍්‍රකාශයට පත්කර ඇති අයව කොටුකර ගැනීමටද කටයුතු ආරම්භ කර ඇත.එවැනි සිදුවීම් දැක්වෙන වෙබ් අඩවි රැසක් පිළිබඳව අවධානය යොමුකිරීමෙන් පසුව ජනාධිපතිවරයා මේ උපදෙස් ලබාදී ඇති අතර එය මෙරට නීතිය මෙන්ම සමාජ සාරධර්ම උල්ලංඝනය කිරීමක් බවද අවධාරණය කර තිබේ.තවද මෙරට ළමුන්ගේ ගෞරවය සුරැකෙන පරිදි ඔවුනට ජීවත්විය හැකි සමාජ පරිසරයක් ඇති කිරීමට රජය කොන්දේසි විරහිතව බැඳී සිටී. "

ඔන්න් දැන් ඉතින් අපේ කස්ටිය වැඩ පටන් ගනී.

No comments: