Thursday, October 15, 2009

windows vista මත ubuntu ස්ථාපනය

How to use both Windows and Ubuntu at the same time (not with dual boot)? ඉස්සර ගොඩක් කස්ටිය පාවිච්චි කලේ වින්ඩෝස් - ලිනක්ස් ද්විත්ව ස්ථාපන (dual boot) යනෙ. දැන් ඉතින් එහෙම ඕනා නෑ, Virtualization වලට පිංසිද්ද වෙන්න. screen-shot එක උඩ ඔබලා බලන්න.



With virtual environment you can create and run several operating systems("virtual machines") such as Linux, Windows, FreeBSD, Novell etc. under a host operating system. This has the benefit that you can run multiple operating systems on the same Machine.(not with dual boot)

ඒත් ඉතින් මේවා කරන්න ඔයාගේ මැෂිම හොද වෙන්න ඕනා. අඩුම තරමේ RAM එක 1GB වත් තියෙන්න ඕනා. 512KB වලිනුත් පුලුවන්. ඒත් ඉතින් පට්ට slow. Core 2 Duo තියෙනවනම් හොදයි, ඒත් PIVතිබ්බත් කමක් නෑ.

VMware , VirtualBox , and QEMU are the most popular virtualization environments today. My choice is VirtualBox, is the lack of direct access to the hardware. VMware is not open source software. But VMware Server2 interface is web based and can be accessed by loclly or remotely going to https://:8333 or http://:8222. QEMU is fully free, but noticeably slower than VMware & VirtualBox.

ඒත් ඉතින් vmware කචල් ගොඩායි.
මල චාටර්... මගේ හොද fit එකක් තමයි මේක(sun virtual box) මට කියලා දුන්නේ. මම අද කියන්න යන්නේ Sun VirtualBox පාවිච්චි කරලා windows vista මත ubuntu ස්ථාපනය කරන ආකාරයයි.

A. ඉස්සෙල්ලම http://www.ubuntu.com/GetUbuntu/download එකට ගිහිල්ලා Ubuntu 9.04 Desktop එක ඩවුන්ලෝඩ් කරගන්න. ( ubuntu 9.10 ලගදීම එනවා...)

B. ඊට පස්සේ http://www.virtualbox.org/wiki/Downloads එකට ගිහිල්ලා VirtualBox 3.0.8 for Windows hosts එක ඩවුන්ලෝඩ් කරගන්න. (මේක vmware වගේමයි,
ඒත් opensource)

දැන් ඉතින් දෙයියනේ කියලා වින්ඩෝස් වලට ගිහිල්ලා VirtualBox154Winx86.exe එක ස්ථාපනය කරගන්න.(ඩවුන්ලෝඩ් වෙච්ච ubuntu-9.04-desktop-i386.iso එක CD එකකට write කර ගන්න ඕනා නෑ. ඒක windows වලම තියා ගන්න.) ඊට පස්සේ ස්ථාපනය වූ virtualbox එක open කරගන්න.

1. දැන් ඉතින්
මෙනුවෙ Machine --> New ක්ලික් කරන්න.



2. Next කරලා Name එකට කැමති නමක් දෙන්න, OS එක Linux, version එක උබුන්ටු කරලා Next කරන්න.
3. Base Memory size එක වෙනස් කරන්න.(තියෙන ගාන උනත් කමක් නෑ)
4. ඊට පස්සේ Create new hard disk එක සිලෙක්ට් කරලා Next කරන්න.
5. දැන් Dynamically expanding storage එක සිලෙක්ට් කරලා Next කරන්න.( ඔයාගේ hard disk එකේ ඉඩ නැත්නම් Fixed-size storage එක සිලෙක්ට් කරන්න)
6. ඊට පස්සේ Location එකට ඔයා කැමති තැනක් හා Size එකක් දෙන්න. Next කරන්න.
7. දැන් Finish කරන්න.


දැන් ඉතින් උබුන්ටු මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරමු.

1. දැන් Settings ක්ලික් කරන්න.
2. ඊට පස්සේ CD/DVD-ROM එකට ගිහිල්ලා Mount CD/DVD Drive එක සිලෙක්ට් කරන්න.
දැන් ISO Image File එක සිලෙක්ට් කරලා, Aහි ඩවුන්ලෝඩ් වෙච්ච ubuntu-9.04-desktop-i386.iso
එකේ Location එක දෙන්න.( උබුන්ටු CD එකක් තියෙනවානම් Host CD/DVD Drive එක සිලෙක්ට්
කරන්න)
3. දැන් OK කරන්න.
4. දැන් Start කරන්න.


හොදට මතක තියා ගන්න, virtual box එකෙන් එලියට එන්න Ctrl Key එක ක්ල්ක් කරන්න. Ubuntu ස්ථාපනය කරගෙන යන්න. දැන් ඉතින් දෙයියනේ කියලා Sun Virtual Box මැෂිම රීස්ටාට් කරන්න.(close & open)

Settings --> CD/DVD-ROM එකට ගිහිල්ලා Mount CD/DVD Drive එක un සිලෙක්ට් කරන්න. දැන්Start කරන්න.

දැන් ඉතින් ගොඩම තමා. ඒත් තවම ගොඩ නෑ.තව drivers ස්ථාපනය කරන්න ඕනා. full screen එන්නේ නෑ. ඒකට කරන්න ඕනා පොඩි දෙයක්. යන්න Devices -> Install Guest Additions එකට. මුකුත් වෙන්නේ නෑ නේද? බය වෙන්න දෙයක් නෑ. බලන්න CD එකක් mount වුනාද කියලා. (more info pl go to Help --> Contents, in Sun Virtual Box)

ඔක්කොටම කලින් කරන්න ඕන root වලට මුර පදයක් දෙන එක. ටර්මිනල්(Applications --> Accessories --> Terminal) එකක් අරගෙන මේ විධානය දෙන්න. root ලෙස වැඩ කරද්දී පරිස්සමින් වැඩ කරන්න.

$sudo passwd root

කැමති මුර පදයක් දීලා ඉන්පසු /media/ ගොනුවට යන්න.ඊට පස්සේ මේ විධාන දෙන්න.

#cd /media
#ls
#cd cdrom
#sh ./VBoxLinuxAdditions-x86.run



දැන් Sun Virtual Box මැෂිම රීස්ටාට් කරන්න.

Full Screen ආවේ නැත්නම් මෙන්න මෙහෙම කරන්න. ටර්මිනල් එකක් අරගෙන මේ විධාන දෙන්න. xorg.conf එක මෙන්න මේ විදියට වෙනස් කරන්න. මගේ නම් තියෙන්නේ Display resolution 1366x768.

#cd /etc/X11/
#vim xorg.conf

Section "Screen"
Identifier "Default Screen"
Device "VirtualBox graphics card"
Monitor "Generic Monitor"
DefaultDepth 24
SubSection "Display"
Depth 24
Modes "1366x768" "1280x768" "800x600"
EndSubSection
EndSection



දැන් Sun Virtual Box මැෂිම රීස්ටාට් කරන්න.ඔන්න දැන් නම් ආවේ නැත්නම් දමලා ගහලා පොඩි fun එකක් දාන්න යන්න. ඊට පස්සේ ඇවිත් ආයෙම කරලා බලන්න. මොනවා හරි ඕනානම් කියන්න.
Source --> http://sandunfernando.blogspot.com/2009/10/install-ubuntu-linux-on-windows-vista.html

Monday, August 17, 2009

බ්ලොග් හොරු නිර්මාණය

ඔන්න ඉතිං හුග කාලෙකින් පරිගණක සගරාවක්(අගෝස්තු කලාපය ) ගත්තා. "අන්තර්ජාලය හරහා මුදල්, එක් දින සහ තුන් දින පාඨමාලා " කියලා දැන්වීමක් දාලා තිබුනා. දවස් 3 පාඨමාලාවේ කන්න බොන්නත් දෙනවලු, තමන්ගේ නමින් වෙබ් අඩවියක් අවුරුද්දකට නොමිලේ දෙනවලු, 2GB pendrive එකක් දෙනවලු, නීතය්යානුකූල Data Entry Works රැසක් දෙනවලු. එක් දින නම් මෙච්චර දෙවල් දෙන්නේ නැහැ, නීතය්යානුකූල මුදල් උපයන ක්‍රම, වෙබ් අඩවි නිර්මානය,Ads Click කිරීමෙන් මුදල් උපයන ක්‍රම, Data Entry Jobs ගන්න විදිය අනෙකුත් මුදල් උපයන ක්‍රම ඇතුළු අන්තර්ජාලයේ රහස් දෙනවලු. මාරයිනෙ.......

මේකේ තියෙන විදියට මාසෙකට රුපියල් 100,000/= වඩා වැඩි ආදායමක් ලබන්න පුලුවන්ලු. පිස්සු හැදෙනවා නේද? හැබැයි මෙහෙම උනොත් එහෙම Google යන එන මන් නැති වෙනවා. පව් නේ Google .... ආයේ දෙකක් නෑ බන්කොලොත් වෙන එක ෂුවර් and ෂොට්...

අනේ යාලුවනේ මෙවලට රැවටෙන්න එපා. මම blogs ලියන්න පටන් ගත්තේ 2005 දි. එතකොට blogs ලියන අය හිටියේ පොඩ්ඩයි. එත් දැන් ගොඩාක් අයට blogs තියෙනවා. Google Adsense සහ eBay affiliate programවගේ ඒවා හොදයි. ඒවලින්නම් මුදල් හොයන්න පුලුවන්.එත් අපේ අයියලා (ඔය Ads දාලා තියෙන අය) කරන්නේ මේවා පාවිච්චි කරලා එයලගේ මල්ල තර කර ගන්න එක. එයාලගේ Clicks වැඩි කර ගන්න එක. ඔන්න දැන් FaceBook එකෙනුත් එයාලගේ Clicks වැඩි කර ගන්න දෙවල් කරනවා.

ගිය සුමානේ මගේ යාලුවෙක් Ad Clicks වැඩි කර ගන්න ගිහින් අමරුවේ වැටුනා. තව යාලුවෙක් ලංකාවේ survey site එකක register වෙලා 10$ නැතිකර ගත්තා.

මේකෙන් වෙන්නේ බ්ලොග් හොරුන්ව හදන එක. පොඩ්ඩක් හිතලා බලන්න.Web2.0 කියන්නේ බ්ලොග් හොරුන්ව හදන එක නෙමේ....

Web 2.0 is linking people , sharing, trading and collaborating. We’ll need to rethink a few things. Copyright, authorship, identity, ethics, aesthetics, rhetorics, privacy, commerce, love, family and ourselves. Watch this web 2.0 video --> web 2.0 video

Thursday, July 23, 2009

මයික්‍රොසොෆ්ට් ගමට අයි.ටී.

මයික්‍රොසොෆ්ට්‌ ආයතනය ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‌ෂණ නියෝජිතායතනයන් එක්‌ක එකතු වෙලා අපේ මව්බසින් Windows Vista සහ Office 2007 අතුරු මුහුණත් http://www.microsoft.com/srilanka කර ගත හැක.

මෙම මෘදුකාංග දෙක‌ සිංහලෙන් ඉදිරිපත් කිරීම, අප රට තුළ තොරතුරු තාක්‌ෂණය ප්‍රචලිත කිරීමේ කාර්යයේදී ඉතා වැදගත් ඉදිරි පියවරක්‌ යෑයි විද්‍යා හා තාක්‌ෂණ ඇමැති මහාචාර්ය තිස්‌ස විතාරණ මහතා පැවැසීය.

Monday, July 13, 2009

අසැබි වෙබ් අඩවිවලට වැට

අද(2009-07-13) දිනමිණ පත්තරේ මුල් පිටුවේ මෙන්න මෙහෙම කියලා තිබුනා, "අසැබි වෙබ් අඩවිවලට වැට". මේක නම් හොද වැඩක්. මොකද ලංකාවේ ගොඩාක් අසභ්‍ය වෙබ් අඩවි තියෙනවා. ඔන්න අපේ BLOGS යාළුවන්ටත් මේ News එක ගොඩාක් වැදගත් වෙයි කියලා හිතනවා. මෙන්න මෙහෙමයි කියලා තිබුනේ.

"ශ‍්‍රී ලංකාවේ ළමයින් සම්බන්ධ අසභ්‍ය ප‍්‍රකාශයන්ට එරෙහිව නිශ්චිත සහ දැඩි කි‍්‍රයාමාර්ග ගන්නා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පොලිස්පති ජයන්ත වික‍්‍රමරත්න මහතාට උපදෙස් දී තිබේ.මේ අනුව විශේෂයෙන් බාල වයස්කාර දරුවන්ගේ මෙන්ම මෙරට කාන්තාවන්ගේ අසභ්‍ය ඡායාරූප හා වීඩියෝ පට අන්තර්ජාලයෙන් විවිධ වෙබ් අඩවි ඔස්සේ ප‍්‍රකාශයට පත්කර ඇති අයව කොටුකර ගැනීමටද කටයුතු ආරම්භ කර ඇත.එවැනි සිදුවීම් දැක්වෙන වෙබ් අඩවි රැසක් පිළිබඳව අවධානය යොමුකිරීමෙන් පසුව ජනාධිපතිවරයා මේ උපදෙස් ලබාදී ඇති අතර එය මෙරට නීතිය මෙන්ම සමාජ සාරධර්ම උල්ලංඝනය කිරීමක් බවද අවධාරණය කර තිබේ.තවද මෙරට ළමුන්ගේ ගෞරවය සුරැකෙන පරිදි ඔවුනට ජීවත්විය හැකි සමාජ පරිසරයක් ඇති කිරීමට රජය කොන්දේසි විරහිතව බැඳී සිටී. "

ඔන්න් දැන් ඉතින් අපේ කස්ටිය වැඩ පටන් ගනී.

Thursday, July 02, 2009

ඇපල් කන්නේ බලාගෙන!!!

හුග කාලෙකින් සිංහල බ්ලොග් එකක් ලියන්න බැරි උනා. මේ ඒක නෙමේ ඔයාල ඇපල් කනවද?

ඇපල් කන්නේ බලාගෙන !!! ඇපල්, පෙයාස් යන පලතුරු වල පොත්තේ WAX එකක් ආලේප කරලා තියෙනවා. මෙමගින් බැක්ටීරියා ඇතුලුවීම වලක්වයි. නොමැලවුනු බොහෝ කල් තබාගතහැකිය. මම මේ කියන්නේ බොරු නම්, දැන්මම ලගම තියෙන Super Market එකට ගිහින් හොදවයින් ඇපල් ගෙඩියක් ගන්න. අරගෙන පොත්ත පිහියකින් සූරු ගාන්න. දැන් පේනවා නේද?



පිටරටවල් වලින් ගෙනෙන(USA,Australia,Malayasia...) ඇපල් අවුරුද්දක් විතර පරන එවා. Wax ගහල තමයි ඔහොම ලස්සනට තියා ගන්නේ. ඔන්න ඇපල් කනවානම් පොත්ත ඉවත්කර කන්න.

ඔය පිටරටින් එන එවලට වඩා ගමේ හැදෙන පලතුරු ඩ්ංගීත්තක් කාලා ඉන්නවා හොදයි. ඔයලා දන්න කියන අයට මේක කියන්න හොදේ...