Friday, April 18, 2008

Optimize ෆයර් ෆොක්ස්2.0

ෆයර් ෆොක්ස් යනු ඉතාම හොද browser එකකි. නමුත් මෙය හරියාකාරව වැඩ කිරීමට පලමුව අනවශය Add-ons ඉවත් කල යුතුය. මෙය සදහා Tools --> Add-ons --> Extensions වෙතට ගොස් ඔබට අනවශය Add-on එක කිල්ක් කරන්න. ඉන්පසු එය Disable කරන්න.

දෙවැනි පියවර වන්නේ browser cache එක සාදා ගැනීමයි. Browser එකට ගොස් Address bar එක තුල about:config ටයිප් කර enter කරන්න. Filter field එක තුල browser.cache ටයිප් කරන්න. ඉන්පසු browser.cache.memory.enable එක true ලෙස තිබේ දැයි බලන්න. එසේ නොමැති නම් එය double කිල්ක් කර true කරන්න. ඊට පසු browser.cache.disk.capacity කිල්ක් කර ඔබ සතුව 1GB RAM ඇත්නම් 16384 යන අගය ටයිප් කරන්න.

තෙවැනිව ඉඩ තිබෙන ස්ඨානයක් right කිල්ක් කර New --> Boolean කිල්ක් කර config.trim_on_minimize ටයිප් කර OK කරන්න. ඉන් පසු true කර OK කරන්න.

අවසාන වශයෙන් Tools --> Options --> Privacy --> History තුලට ගොස් Remember pages last visited for the past ** days අගය 1 කරන්න. Remember what I’ve downloaded යන දෙය තෝරා තිබේ නම් එය ඉවත් කිරීමෙන් වෙනසක් සිදු වී ඇති බව වැට් හෙනු ඇති.

No comments: