Saturday, April 19, 2008

වින්ඩෝස් ඉගි

අවශය console කිහිපයක් එක console එකකට ගැනීමට Start --> Run --> mmc ඉන්පසු File --> Add/Remove Snap-in.. --> Add බට්න් එක කිල්ක් කර ඔබට අවශය ටික add කර ගන්න. ඊට පසු OK කර File --> Save --> C:\windows\system32\yourname.msc ලෙස save කර ගන්න. (මාගේ වින්ඩෝස් partition එක C: ලෙස ඇත.) දැන් Start --> Run --> yourname.msc ටයිප් කිරීමෙන් ඔබ සාදාගත් console එක ලැබේ.

ඔබගේ පරිගනකය තුල ඇති share folders බැලීමට Start --> Run --> fsmgmt.msc

පරිගනකයේ hardware පිරික්සීමට Start --> Run --> dxdiag

File extension සොයා ගැනීම

http://filext.com කියන්නේ අපට අවශය කරන ඕනෑම file extension සොයා දෙන වෙබ් අඩවියකි.

අපටම කියල විකි එකක් mediawiki

දැන් අපටම කියල විකි(මීඩියා විකි) එකක් අපගේ සර්වරයක ස්ථාපනය කරගන්න පුලුවන්. ඔබ සතුව Web Server(Apache or IIS), PHP 5.0 සහ MySQL 4.0(or PostgreSQL 8.1 ) ඇත්නම් මෙය ඉතා පහසුවෙන් සිදු කල හැකිය.එය සදහා පලමුව http://www.mediawiki.org/wiki/Download තුලට ගොස් නවතම මීඩියා විකි එක http://download.wikimedia.org/mediawiki/1.12/mediawiki-1.12.0.tar.gz භාගත කර ගන්න.

ඉන්පසු http://www.mediawiki.org/wiki/Manual:Config_script කියවා ඔබගේ සර්වරය තුල ස්ථාපනය කරගන්න.

Friday, April 18, 2008

හෝර්ටන් තැන්න

ගිය මාසේ අපි කට්ටිය හෝර්ටන් තැන්නේ දවස් දෙකක් ගත කල. ලංකාවේ දෙවෙනියට සහ තුන්වෙනියට උසම කදු වන කිරිගල්පොත්ත සහ තොටුපල වෙත යෑමේ ආසාවක් ඇතිවුනද මේ පාරත් එය බැරි වුනි. ඊට පස්සේ worlds end සහ bakers fall වලට ගිහින් ආවා. දැන් හෝර්ටන් තැන්නේ ඉස්සරට වඩා පහසුකම් සපයා තිබුනද පැමිනෙන ලංකාවට ආදරයක් නැති අමනයන් නිසා හෝර්ටන් තැන්න විනාශ වී ඇත.

හෝර්ටන් තැන්න


Sri Lankan Sambar Deer & බේකර්ස් ඇල්ල

ගෙදර යන ගමන් ස්මර්නොෆ්

අලුත් අවුරුද්දට ඉස්සෙල්ල සෙට් වෙන්න කියල අපි (April 9, 2008) Kiribathgoda කාර්ගිල්ස් ෆුඩ් සිටි (Cargills Food City) එකට ගියා Smirnoff වොඩ්කා (ID Lanka, Kaduwela, SL) එකක් ගන්න. මොකද හොදම දෙවල් තියෙන්නේ මෙතැන කියලා කවුරුත් කියනවා.ඊට පස්සෙ එකට තුනක්ම ගත්තා. ඔන්න ඉතින් හා පුරා කියලා ගෙදර ඇවිත් එකක් බොන්න ගත්තා. මෙන්න ටික වෙලාවකට පස්සේ bottle එක ඇතුලෙන් චූටි කුඩු වගේ දෙයක් පෙනෙන්න ගත්තා. Bottle එක සීල් කරල තියෙන්නේ. එක නිසා වෙන bottle වගේ කාටවත් පිටින් දෙයක් දාන්න බෑ.ඊට පස්සේ අපි ගියා කාගිල්ස් එකට. එතැන හිටපු අයත් මේක දැක්කා. එයාල කිව්වා company එකට කරල කියන්නම් කියලා. අනේ ඉතින් එයාලගෙ තියෙන කාර්යක්ෂමතාවය නිසා අද(April 18, 2008) වෙනතුරු මෙකට විසදුමක් නම් නෑ.

ඉතින් ඔයාලත් මෙ වගේ දෙයක් ගෙදර යන ගමන් ගද්දී දෙපාරක් සොලවා බලලා ගන්න. හැබැයි ඉතින් මේ වගේ දෙයක් කාර්ගිල්ස් එකෙන් වුනු first time නෙමේ..... හොදට කා.ඉ.දි. බලල ගන්න…

pl see this video clip http://www.youtube.com/watch?v=Kj7bZ7ufHj0

නිවසේදී Wi-Fi Router එකක් සාදා ගැනීම

Router එකක් නොමැතිව අප සතුව ඇති එක අන්තර්ජාල සම්බන්දතාවය බෙදා ගැනීම සිදු කල හැකිද? ඔබ සතුව අන්තර්ජාල සම්බන්දතාවයක්, පරිගනකයක් හෝ ලැප්ටොප් එකක් සහ වයර්ලස් Network Adaptor(PCI) එකක් ඇති නම් මෙය ඉතා පහසුවෙන් කල හැකිය.

පලමුව වයර්ලස් Network Adaptor එක පරිගනකයට සවි කර ඊට අදාල drivers ස්ථාපනය කරන්න. ඉන් පසු,

  1. Start --> Control Panel --> Network Connections --> wireless network connection වෙතට ගොස් right ක්ලික් කර properties වලට යන්න. ඉන්පසු wireless networks යන tab එකට ගොස් Add බට්න් එක ක්ලික් කරන්න. Network name මත ඔබ කෑමති නමක් යොදා The key is provided for me automatically ඉවත් කර This is a computer-to-computer (ad hoc) network wireless access points are not used එක ලකුනු කරන්න. Network key මත ඔබ කැමති රහස් පදයක් යොදා OK කරන්න.
  2. දැන් Advanced බට්න් එක කිල්ක් කර computer-to-computer (ad hoc) networks only තෝරන්න. ඉන්පසු close බට්න් එක කිල්ක් කර OK කරන්න. මෙම 1 වැනි සහ 2 වැනි පියවරවල් සෙසු පරිගනක වලද සිදු කරන්න.
  3. දැන් ඔබ අනිත් පරිගනක පිරික්සා කිරීමේදී WiFi එක සොයන අතර Acquiring network address නමින් DHCP server එක සොයයි.
  4. දැන් ඔබට අන්තර්ජාල සම්බන්දතාවය share කර ගැනීමට සහ DHCP server එක සකිය කර ගත යුතුය. මෙය සදහා අන්තර්ජාල සම්බන්දතාවය share කර ගැනීම සිදු කරන පරිගනකය වෙත යා යුතුය. මෙම පරිගනකය තුල Internet තිබිය යුතුය. ඉන්පසු network adapter මත right කිල්ක් කර properties --> Advanced --> Allow other network users to connect trough this computers Internet connection තෝරන්න. ඊට පසු OK කරන්න.
  5. WiFi adapter මත right කිල්ක් කර status තුලට ගොස් Support tab එකට ගොස් static IP එක 192.168.0.1 තිබේ දැයි බලන්න.
  6. සියලුම පරිගනක restart කරන්න.
  7. සෙසු පරිගනක වල IP address එක 192.168.0.2 සහ 192.168.0.254 අතර අගයක් ගන්නා අතර WiFi router එක කියා කරයි.

Optimize ෆයර් ෆොක්ස්2.0

ෆයර් ෆොක්ස් යනු ඉතාම හොද browser එකකි. නමුත් මෙය හරියාකාරව වැඩ කිරීමට පලමුව අනවශය Add-ons ඉවත් කල යුතුය. මෙය සදහා Tools --> Add-ons --> Extensions වෙතට ගොස් ඔබට අනවශය Add-on එක කිල්ක් කරන්න. ඉන්පසු එය Disable කරන්න.

දෙවැනි පියවර වන්නේ browser cache එක සාදා ගැනීමයි. Browser එකට ගොස් Address bar එක තුල about:config ටයිප් කර enter කරන්න. Filter field එක තුල browser.cache ටයිප් කරන්න. ඉන්පසු browser.cache.memory.enable එක true ලෙස තිබේ දැයි බලන්න. එසේ නොමැති නම් එය double කිල්ක් කර true කරන්න. ඊට පසු browser.cache.disk.capacity කිල්ක් කර ඔබ සතුව 1GB RAM ඇත්නම් 16384 යන අගය ටයිප් කරන්න.

තෙවැනිව ඉඩ තිබෙන ස්ඨානයක් right කිල්ක් කර New --> Boolean කිල්ක් කර config.trim_on_minimize ටයිප් කර OK කරන්න. ඉන් පසු true කර OK කරන්න.

අවසාන වශයෙන් Tools --> Options --> Privacy --> History තුලට ගොස් Remember pages last visited for the past ** days අගය 1 කරන්න. Remember what I’ve downloaded යන දෙය තෝරා තිබේ නම් එය ඉවත් කිරීමෙන් වෙනසක් සිදු වී ඇති බව වැට් හෙනු ඇති.

යසරුවන් වෙනුවෙන්

Thursday, April 17, 2008

සංවේගයෙන් දැනුම්දීමයි - යසරුවන් ගුණතිලකගේ හදිසි අභාවය

පේරාදෙණිය විශ්ව විද්යාලයේ ශිෂ්යයකු , අපේ සිංහල බ්ලොග් අවකාශයේ මිතුරකු , බ්ලොග්කරුවකු වූ යසරුවන් ගුණතිලක ඊයේ හදිසියේ මෙලොවින් සමුගත් බව මේ දැන් ආරංචි වුණෘ. ඔහු හෙට පැවැත්වෙන අපේ මැරතන් ඉසවුවට උද්යෝගීමත් සහභාගී වීමට සූදානමින් සිටි බැවින් මේ හදිසි වියෝ වීමේ පුවත අදහා ගත නොහැකි තරම් කම්පනයක් අප සැම තුළ ඇති කළා. හෙට ඔහුගේ දේහය පිළිබඳ අවසාන කටයුතු සිදු වන බව ඔහුගේ සොහොයුරු සඳරුවන් අපට ප්රකාශ කළා.

ඔහු අවසන් ගමන් යන හෙට දිනයේ රෑ 8 ආරම්භ වන අපේ සිංහල බ්ලොග් මැරතන් ඉසවුවේ ආරම්භක සටහන් යසරුවන් වෙනුවෙන් හිස් තැබීමට සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය සියලු සහභාගී වන්නන්ගෙන් ඉල්ලා සිටිනවා. යසරුවන් වෙනුවෙන්යන මාතෘකාව සහිත හිස් බ්ලොග් සටහනක් (blank post) හෙට රාත්රී 8 මැරතන් අරඹන මොහොතේ පළ කිරීමෙන් අපේ සාමූහික ශෝකය බෙදාහදා ගැනීමට එක් වන්න.

මේ යසරුවන්ගේ බ්ලොග් අඩෙවියයි
http://yasaruwan.gunathilake.com/

සිංහල බ්ලොග් මැරතන්

මමත් අද බ්ලොග් මැරතන් එක දුවනවා. සිංහල බ්ලොග් අවකාශයේ මිතුරකු වූ යසරුවන් ගුණතිලක ගේ අභාවය පිලිබඳ මාගේ සාතිශය සංවේගය මෙයින් ප්රකාශ කරමි.