Thursday, July 23, 2009

මයික්‍රොසොෆ්ට් ගමට අයි.ටී.

මයික්‍රොසොෆ්ට්‌ ආයතනය ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‌ෂණ නියෝජිතායතනයන් එක්‌ක එකතු වෙලා අපේ මව්බසින් Windows Vista සහ Office 2007 අතුරු මුහුණත් http://www.microsoft.com/srilanka කර ගත හැක.

මෙම මෘදුකාංග දෙක‌ සිංහලෙන් ඉදිරිපත් කිරීම, අප රට තුළ තොරතුරු තාක්‌ෂණය ප්‍රචලිත කිරීමේ කාර්යයේදී ඉතා වැදගත් ඉදිරි පියවරක්‌ යෑයි විද්‍යා හා තාක්‌ෂණ ඇමැති මහාචාර්ය තිස්‌ස විතාරණ මහතා පැවැසීය.

Monday, July 13, 2009

අසැබි වෙබ් අඩවිවලට වැට

අද(2009-07-13) දිනමිණ පත්තරේ මුල් පිටුවේ මෙන්න මෙහෙම කියලා තිබුනා, "අසැබි වෙබ් අඩවිවලට වැට". මේක නම් හොද වැඩක්. මොකද ලංකාවේ ගොඩාක් අසභ්‍ය වෙබ් අඩවි තියෙනවා. ඔන්න අපේ BLOGS යාළුවන්ටත් මේ News එක ගොඩාක් වැදගත් වෙයි කියලා හිතනවා. මෙන්න මෙහෙමයි කියලා තිබුනේ.

"ශ‍්‍රී ලංකාවේ ළමයින් සම්බන්ධ අසභ්‍ය ප‍්‍රකාශයන්ට එරෙහිව නිශ්චිත සහ දැඩි කි‍්‍රයාමාර්ග ගන්නා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පොලිස්පති ජයන්ත වික‍්‍රමරත්න මහතාට උපදෙස් දී තිබේ.මේ අනුව විශේෂයෙන් බාල වයස්කාර දරුවන්ගේ මෙන්ම මෙරට කාන්තාවන්ගේ අසභ්‍ය ඡායාරූප හා වීඩියෝ පට අන්තර්ජාලයෙන් විවිධ වෙබ් අඩවි ඔස්සේ ප‍්‍රකාශයට පත්කර ඇති අයව කොටුකර ගැනීමටද කටයුතු ආරම්භ කර ඇත.එවැනි සිදුවීම් දැක්වෙන වෙබ් අඩවි රැසක් පිළිබඳව අවධානය යොමුකිරීමෙන් පසුව ජනාධිපතිවරයා මේ උපදෙස් ලබාදී ඇති අතර එය මෙරට නීතිය මෙන්ම සමාජ සාරධර්ම උල්ලංඝනය කිරීමක් බවද අවධාරණය කර තිබේ.තවද මෙරට ළමුන්ගේ ගෞරවය සුරැකෙන පරිදි ඔවුනට ජීවත්විය හැකි සමාජ පරිසරයක් ඇති කිරීමට රජය කොන්දේසි විරහිතව බැඳී සිටී. "

ඔන්න් දැන් ඉතින් අපේ කස්ටිය වැඩ පටන් ගනී.

Thursday, July 02, 2009

ඇපල් කන්නේ බලාගෙන!!!

හුග කාලෙකින් සිංහල බ්ලොග් එකක් ලියන්න බැරි උනා. මේ ඒක නෙමේ ඔයාල ඇපල් කනවද?

ඇපල් කන්නේ බලාගෙන !!! ඇපල්, පෙයාස් යන පලතුරු වල පොත්තේ WAX එකක් ආලේප කරලා තියෙනවා. මෙමගින් බැක්ටීරියා ඇතුලුවීම වලක්වයි. නොමැලවුනු බොහෝ කල් තබාගතහැකිය. මම මේ කියන්නේ බොරු නම්, දැන්මම ලගම තියෙන Super Market එකට ගිහින් හොදවයින් ඇපල් ගෙඩියක් ගන්න. අරගෙන පොත්ත පිහියකින් සූරු ගාන්න. දැන් පේනවා නේද?



පිටරටවල් වලින් ගෙනෙන(USA,Australia,Malayasia...) ඇපල් අවුරුද්දක් විතර පරන එවා. Wax ගහල තමයි ඔහොම ලස්සනට තියා ගන්නේ. ඔන්න ඇපල් කනවානම් පොත්ත ඉවත්කර කන්න.

ඔය පිටරටින් එන එවලට වඩා ගමේ හැදෙන පලතුරු ඩ්ංගීත්තක් කාලා ඉන්නවා හොදයි. ඔයලා දන්න කියන අයට මේක කියන්න හොදේ...